ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත සෛවරීය රාජ්‍යයකි . එය සමකයට උතුරින් 5° 55' සහ 9° 55' අතර ද නැගෙනහිර දේශාංශ 79° 42' සහ 81° 52' අතර ද පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 65,610 කි. ප්‍රදේශ පුදුම සහගත විවිධත්වයක් උසුලයි. කි.මී. 445 ක දිගින් ද කි.මී. 225 ක පුළුලින් ද වට වූ බිම් ප්‍රමාණය තුළ අලංකාර ඝර්මකලාපීය මුහුද වෙරළවලින් ද දැකුම්කලු වෘක්ෂලතාවලින් ද පෞරාණික ස්මාරකවලින් ද සියල්ලන්ගේ රුචිකත්වවලට සරිලන අපරිමිත සොඳුරු දසුන් වලින් ද අනූනය. අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය.
රජය
| ශ්‍රී ලංකාව වූ කලී (2004 ඇස්තමේන්තුවට අනුව) මිලියන 19.5ක ජනගහනයක් සහිත, ස්වාධීන සහ ස්වෛරී ජාතියකි. අනුපාතික නියෝජන පදනම මත සර්වජන ඡන්ද බලයෙන් තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තුවක් විසින් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලැබේ. මහජනයා විසින් ම තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයෙක් රාජ්‍යාරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරයි. බහු පාක්ෂික ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාවේ ජනතාව හැම අවුරුදු හයකට වරක් නව රජයක් තෝරා පත් කර ගැනීමට ඡන්දය දෙයි. |
ජාතික ධජය
ශ්‍රී ලංකාවේ ජාතික ධජය සිංහ ධජයයි. එහි කහ පාට තීරුවක් සහිත රතු පසුබිමේ සිය දකුණු අතින් කඩුවක් දරා සිටින සිංහයෙක් නිරූපිත වේ. ඇතුළට යොමු වූ බෝ පත් හතරක් සිව් කොණේ දිස් වේ. කොඩිගස පැත්තට ඇති කෙළවරේ සිරස් අතට ඇති කොළ පාට සහ කහපාට තීරු දෙකෙන් සුලු ජනවර්ග නියෝජනය වේ. එය වූ කලී ශ්‍රී ලංකාවේ අවසාන රජුගේ ධජයෙන් සකසා ගත් ආකෘතියකි.
ජාතික ගීය
දිවංගත ආනන්ද සමරකෝන් මහතාණන් රචනා කළ ‘ශ්‍රී ලංකා මාතා’ ගීතය යි.
ජාතික පුෂ්පය
ජාතික පුෂ්පය නිල් මානෙල් මල (Nymphaea stellata) වේ
ශ‍්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන
වන ජීවීන් තුරුලතාවන්ට පූර්ණ ආරක්ෂාව සපයමින් මහජනතාවටද වනජීවීන් තුරුලතා සහ ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට හා අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදෙන භූමි ප‍්‍රදේශ වනෝද්‍යාන ලෙස හඳුන්වා දිය හැක. වනෝද්‍යාන පිහිටි ඉඩම් සියල්ල රජය සතු වන අතර වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අවසර පත‍්‍රයක් ලබා ගත යුතුයි. වනජීවීන්ගේ හා තුරුලතාවන්ගේ පැවැත්ම සඳහා වෙන්වුණු මෙවැනි ජාතික වනෝද්‍යාන 17 ක් පවතී.
රුහුණු ජාතික වනෝද්‍යානය (යාල) , විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ගල් ඔය ජාතික වනෝද්‍යානය, යාල නැගෙනහිර (කුමන)ජාතික වනෝද්‍යානය, උඩවලව ජාතික වනෝද්‍යානය, ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානය, මාදුරුඔය ජාතික වනෝද්‍යානය, වස්ගමුව ජාතික වනෝද්‍යානය, ජලගැලුම් නිම්න ජාතික වනොද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, බුන්දල ජාතික වනෝද්‍යානය, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, හික්කඩුව ජාතික වනෝද්‍යානය, පරවි දූපත ජාතික වනෝද්‍යානය, යන ඒවායි.
ශ‍්‍රී ලංකාවේ දැඩි ස්වභාව රක්ෂිතදැඩි ස්වභාව රක්ෂිත වල මුළු භූමි ප‍්‍රමාණය රජයේ ඉඩම් වලින් යුක්ත වේ. මහජනතාවට ඇතුළු වීමට තහනම් වන අතර කිසිම ආකාරයේ මිනිස් කි‍්‍රයාවකට අවසර නොමැත. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත පමණක් විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉඩ ලැබේ. දැනට ශ‍්‍රී ලංකාවේ දැඩි රක්ෂිත 03 ක් පවතී. එනම් හග්ගල දැඩි රක්ෂිතය, යාල දැඩි රක්ෂිතය, රිටිගල දැඩි රක්ෂිතය, හඳුන්වාදිය හැකිය.
ශ‍්‍රී ලංකාවේ ස්වභාව රක්ෂිතස්වභාව රක්ෂිතයක රජයේ ඉඩම් වලට අමතරව පුද්ගලික ඉඩම්ද පැවතිය හැකිය. එහෙත් පුද්ගලික ඉඩම් වල පවතින ජීව හා අජීව සම්පත් වල අයිතිය රජය සතුය. ස්වභාවිකව රක්ෂිතයට ඇතුළුවීමට බලපත‍්‍රයක් නිකුත් නොකරන අතර වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ඇතුළු විය හැක. සීමිත මිනිස් කි‍්‍රයාකාරීත්වයකට ඉඩ සලසමින් වන ජීවීන්ගේ සහ තුරුලතාවන්ගේ පැවැත්ම සඳහා වෙන්වුණු මෙවැනි භූමි ප‍්‍රදේශ 4 ක් පවතී. එනම්, ති‍්‍රකෝණ මඩු ස්වභාව රක්ෂිතය, මින්නේරිය – ගිරිතලේ ස්වභාව රක්ෂිතය, ගංඟාධාර ස්වභාව රක්ෂිතය, බටහිර කන්ද ස්වභාව රක්ෂිතය හඳුන්වා දියහැක.
ශ‍්‍රී ලංකාවේ අභය භූමිවනජීවීන් සහ ස්වාභාවික පරිසරය ආරක්ෂා වන පරිදි සිටින මිනිස් කි‍්‍රයාකාරකම් සඳහා ආරක්ෂාව ලබාදී ඇති භූමි ප‍්‍රදේශ අභය භූමිලෙස හැඳීන්වේ. අභය භූමියක රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද පවතී. ඉඩම් හිමියන්ට භූමි පරිහරණයට අයිතිය ඇති අතර පලා කැඩීම, දර අහුලා ගැනීම, කුඹුරු ඇති නම් වගා කිරීම, මසුන් මැරීමට පවා අවස්ථාව හිමිවේ. නමුත් අභය භූමිය සීමාවේ සියලුම ස්වභාවිකසම්පත් වල අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන අතර, පවතින පරිසරය වෙනස්කිරීම, ශාක හෝ සතුන්ට හානි කිරීම, නීති විරෝධී කි‍්‍රයාවන්ය.අභය භූමියකට ඇතුළු වීමේදි අවසර ලබා ගැනීමට අවශ්‍ය නැත. දැනට ලංකාවේ අභය භූමි 58 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ අතර,රූමස්සල , මුතුරාජවෙල, කලමැටිය, හොරගොල්ල, කිඹුල්වාන ඔය, උඩවත්ත කැලේ, වීරවිල – තිස්ස, රාවණා ඇල්ල, බෙල්ලන්විල අත්තිඩිය, හඳුන්වා දිය හැක.ශ‍්‍රී ලංකාවට විශේෂිත ජාතික වනෝද්‍යාන 17 ක් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පිහිටා තිබේ. මෙම ජාතික වනෝද්‍යාන ලංකාවේ 12% පමණ භූමි ප‍්‍රදේශයක් වටා පැතිරී ගොසිනි. මෙම වනෝද්‍යාන වලින් ප‍්‍රමුඛස්ථානය හිමි වන්නේ යාල ජාතික වනෝද්‍යානයටයි.ශ්‍රී ලංකාවේ සිද්ධස්ථාන
අනුරාධපුරයේ ( අටමස්ථාන )
ශ්‍රී මහාබෝධීය
මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.
රුවන්වැලි සෑය
දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළුවේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.
ථූපාරාමය
මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.
ලෝවාමහාපාය
ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.
අභයගිරි දාගැබ
මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා , ජගන්දලා , වික්‍රමශීලා වැනි බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය.මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත.
ජේතවනාරාමය
ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර ජේතවනය තෙවැනි නිකාය වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය , පිළිම ගේ ,පොහොය ගෙය , දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත.
මිරිසවැටිය
මෙය දුටු ගැමුණු රජු ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ.
ලංකාරාමය
පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය , මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත.
ශ‍්‍රී ලංකාවේ දියඇලි
බඹර කන්ද ඇල්ල
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයි.උස මීටර් 265කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පාරේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත
දියළුම ඇල්ල
ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.
ලක්ෂපාන ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ
.
ඇබර්ඩින් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.
ඩෙවෝන් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.
ශාන්ත ක්ලෙයාර් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.
දුන්හිඳ ඇල්ල
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මීට ,දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ.කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වීම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.
රාවණා ඇල්ල
බදුල්ල දිස්ත්‍රින්නයේ පිහිටා ඇත.උස කිලෝමීටර් 49 පමණ වේ.රාවණා ඇල්ල හා බල්ලාකටුව යන නමින් හැඳින්වෙන කුඩා නදියෙන් මෙම ඇල්ල නිර්මාණය වේ.ඇල්ල වැල්ලවාය මාර්ගයේ උඩුහාවර ගම්මානයේ මෙම ඇල්ල පිහිටා ඇත.
දුවිලි ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.
බෝපත් ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි.
බේකස් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය.උස මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.
කිතුල්ගල ඇල්ල
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයට නුදුරැව මෙය පිහිටා ඇත.උස මිටර් 15කි.උනාලු කන්දේන් පටන්ගෙන කැළණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ.
මානාවෙල ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 23කි.මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.
ඒල්ජින් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් උස මීටර් 25කි.දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි.තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .
No comments:
Post a Comment